Life
වෛද්‍ය උපකරණවල ප්‍රමිතියක් තිබිය යුතුය
* රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කිරීමට යොදාගන්නා ටකමජදපැඑeර වල
උපකරණයෙන් උපකරණයට වෙනස් අගයන් ලැබී ඇත. එම දෝෂ නිසා ද වැරදි රෝග
විනිශ්චයකට භාජනය වීමේ ඉඩකඩ බොහෝය.
වෛද්‍ය උපකරණ ක්‍රමාංකණය
(Calibration) යනු නියමිත පිළිගත් ප්‍රමිතියකට අනුව සාදන ලද වෙනත්
උපකරණයක් සමඟ සැසඳීමෙන් වෛද්‍ය උපකරණවල ක්‍රියාකාරිත්වය නිසි පරිදි
ඇත්දැයි පරීක්ෂා කර බැලීමයි.
රෝහල්වල රෝගී සත්කාර සේවා ඉතා ඉහළ
මට්ටමක පවතී. එමෙන්ම දැඩි සත්කාර ඒකකවල සිදුකරන සේවාව ද අති මහත්ය. මෙම
සේවාවන්හි ගුණාත්මක භාවය නිසාම බේරුණු මිනිස් ජීවිත ගණන කෙතරම්ද?
රෝග
විනිශ්චය කිරීම පිළිබඳ අප රටේ වෛද්‍යවරු ඇති දක්ෂයෝය. ඒ බව අන්තර්ජාතික
වශයෙන් ද පිළිගෙන ඇත. පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ
වෛද්‍යවරුන්ට සිදුවූයේ අවම පහසුකම් යටතේ සේවය කිරීමටය. එයද අවම උපකරණ
භාවිතයෙනි. බොහෝ රෝග විනිශ්චය කෙරුනේ ද ප්‍රතිකාර කෙරුණේ ද ඔවුනගේ ඒ
සුවිශේෂ හැකියාවෙනි. ඒ සඳහා ඔවුනට ප්‍රණාමය පුද කිරීමට ද මෙය අවස්ථාවක්
කරගනිමි.
මෙවන් සෞඛ්‍ය සේවාවක් නොමැති රටක තත්ත්වය කෙබඳු වේදැයි
සිතා ගැනීමටවත් බැරිය. මෙසේ ජීවිත ගණනාවක් රැකදෙමින් අමිල සේවාවක්
සිදුකරනවා මෙන්ම එම සේවාවේ ගුණාත්මක භාවය රැකගැනීමට ද නොයෙකුත් කටයුතු
සම්පාදනය වෙමින් පවතින මෙවන් යුගයක වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය පිළිබඳව ද
අවධානය යොමුවීම ඉතා වැදගත්ය.
දැනට කර්මාන්ත ක්ෂේත්රයේ උපකරණවල
නිරවද්‍යතාව පරීක්ෂා කරනු ලැබේ. එය අවුරුදු 25 ක පමණ කාලයක් තිස්සේ
සිදුවන්නකි. නමුත් රෝහල්වල භාවිත කරන වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය
පරීක්ෂා කිරීම පිළිබඳ අවධානය යොමුවී ඇත්තේ අවුරුදු 5 ක පමණ කාලයක සිටය.
රෝහල්වල භාවිත කරන වෛද්‍ය උපකරණ වලින් සමහරක් පහත දැක්වේ.
Blood
Pressure Apparatus, ECG Machines, EEG Machines, Ventilators,
Defibrilators, Analyzers, Ventilators, Spirometer, Weighing scales,
Syringes, Glucometer,scanners...
වෛද්‍යවරුන් විසින් රෝග විනිශ්චය
තහවුරු කර ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා මෙවන් වෛද්‍ය උපකරණවල
නිරවද්‍යතාව පිරික්සීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත විද්‍යාගාර
ඇමෙරිකාව, නෙදර්ලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, වැනි රටවල
පිහිටුවා ඇත. මෙම විද්‍යාගාරවල අන්තර්ජාතික ලෙස පිළිගන්නා ප්‍රමිතීන්ට අනුව
විද්‍යානුකූලව සකස්කරන උපකරණ භාවිත කොට වෛද්‍ය උපකරණවල නිරවද්‍යතාව
පරීක්ෂා කරනු ලැබේ.
එය රෝග විනිශ්චයට සහ ප්‍රතිකර්මයට ද එමෙන්ම රෝග
වළක්වා ගැනීම සඳහා ද ඉතා වැදගත් වේ. නියම ගුණාත්මක භාවයකින් යුතු වූ රෝගී
සත්කාර සේවාවක් ලබාදීමට මින් හැකිවෙනු ඇත.
උදාහරණ කිහිපයක් පහත අයුරින් පෙන්වා දිය හැකිය.
*
රෝහල්වල සිදුකරන සමහර පරීක්ෂණවල ප්‍රතිඵල රෝහලින් රෝහලට වෙනස් වන
අවස්ථා අප දැක ඇත. නමුත් එය එසේ සිදුවිය නොහැකි බව වෛද්‍යවරුන්ගේ සුවිශේෂ
දැනුමෙන් විනිශ්චය කර නැවතත් එම පරීක්ෂණය වෙනත් රෝහලකින් කරවා ගැනීමට
උපදෙස් දෙන අවස්ථා ද ඇත. එය සිදුවීමට හේතු වී ඇත්තේ ද මෙය විය හැක.
*
පිළිගත් ක්‍රමවේදයන්ට අනුව රුධිරයේ තිබිය යුතු කැල්සියම් ප්‍රමාණය විය
යුත්තේ 8.9 - 10.1 mg/dl කි. නමුත් පරීක්ෂා කරනු ලබන උපකරණයේ ±1.0 mg /dl ක
දෝෂයක් තිබුණහොත් සාමාන්‍ය අගය 9.5 mg /dl වුවහොත්, එය 8.5 mg/dl ලෙස හෝ
10.5 mg /dlලෙස වෙනස් විය හැකිය. එසේ වුවහොත් කැල්සියම් ඌණතාවක් ලෙස හෝ
අධි කැල්සියම් තත්ත්වයක් ලෙස සලකා ප්‍රතිකාර කළ හැකිය. මෙය භයානක
තත්ත්වයකි.
Ö රුධිර පීඩන මානයේ (Blood Pressure Apparatus) යම් යම් දෝෂ නිසා ද ප්‍රතිකර්ම වැරදීමට ඇති හැකියාව බොහෝය.
Ö
රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කිරීමට යොදාගන්නා glucometer වල
උපකරණයෙන් උපකරණට වෙනස් අගයන් ලැබී ඇත. එම දෝෂ නිසා ද වැරදි රෝග
විනිශ්චයකට භාජනය වීමේ ඉඩකඩ බොහෝය.
Ö එසේම ළදරුවන්ට ඖෂධ දීමේදී ඒවා මැනීම සඳහා ගන්නා මිනුම් බඳුන්වල නිවැරදිතාව ද පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය.
Ö හෘදයාබාධ රෝගීන් හට සිදුකරන ECG පරීක්ෂාව සඳහා යොදා ගන්නා ECG යන්ත්‍රවල දෝෂ නිර්ණය කිරීම ද ඉතා වැදගත්ය.
මෙලෙස උදාහරණ කිහිපයක් පමණක් පෙන්වා දී ඇතත් සියලුම වෛද්‍ය උපකරණවල නිවැරදිතාව පරීක්ෂාකර බැලීම ඉතා වැදගත් බව කිව යුතුය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks